ස්ටාර්ගේට් එස්.ජී.-1: රොස්වෙල්
![]() රොස්වෙල් යනු සොනී වයිට්ලෝ සහ ජෙනිෆර් ෆැලන් විසින් රචිත සහ ෆැන්ඩේමෝනියම් විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ටාර්ගේට් එස්.ජී.-1 නවකථාවකි. [2] මෙම කථාව ආරම්භ වන්නේ රූපවාහිනී කථාමාලාවේ දසවන අදියර අවසානයේදී වන අතර ස්ටාර්ගේට් එස්.ජී.-1 මෙහිදී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් සතර (4) දෙනාට අමතරව කර්නල් කැමරන් මිචෙල් සහ වාලා මැල් ඩෝරන් යන නව සාමාජිකයන් දෙදෙනාද කරළියට පිවිසෙති. එක්දහස් නවසිය අනූ හත වසරේදී නිව් මෙක්සිකෝවේදී සිදුවූ රොස්වෙල් සිදුවීම වැනි විසිවන සියවසේ සිදුවූ කුමන්ත්‍රණ සමහරක් කෘතියේ අන්තර්ගත වේ. එම යුගයේ විද්‍යා ප‍්‍රබන්ධ කතුවරු සමහරක්ද මෙම කථාවේ සඳහන් වේ. සිදුවීම් මාලා සංක්ෂිප්තයස්ටාර්ගේට් ක‍්‍රියාවිරහිත වීම හේතුවෙන් කර්නල් කැමරන් මිචෙල්, ආචාර්ය ඩැනියල් ජැක්සන් සහ කර්නල් සෑම් කාටර් අතීතයට යවන ලද අතර එහිදී ඔවුන්‍ට ජීවත් වීමට ඉතිරිව තිබූයේ මිනිත්තු කිහිපයක් පමණි. ජෙනරල් ජැක් ඕනිල් සහ වාලා මැල් ඩෝරන් යන දෙදෙනා විසින් ඔවුන්ව බේරාගනු ලැබූ පසුව මුහුණ දීමට සිදූවූ කරදර මාලාව ආරම්භ වූවා පමණි. අධෝලිපි
|