Share to: share facebook share twitter share wa share telegram print page

2.0 (2018 චිත්‍රපටය)

2.0 යනුවෙන් හැදින්වෙන්නේ 2018 වසරේ තිරගත වූ ඉන්දිය දෙමළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. එස්. ශන්කර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ලයිකා නිෂ්පාදන සමාගම වෙනුවෙන් සුභාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලදි. එන්දිරන් චිත්‍රපට කලාවේ දෙවන මෙහෙයුම ලෙස මෙහි එන්දිරන් (2010) චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සුපිරි නළු රජිනිකාන්ත්ගේ වසීගරන් හා චිට්ටි චරිත සමග අක්ෂේ කුමාර් ,ඇමී ජැක්සන්, සුදන්ෂු පාන්ඩේ, කාලභවන් ශජෝන්, අදිල් හුසේන් යන අය ප්‍රධාන චරිතවලට පණ පොවති. මෙහිදී චිට්ටී නම් තහනමට ලක්වූ මානුෂ්‍ය රොබෝවරයා හා පක්ෂි රාජා නම් ජංගම දුරකතනවලට එරෙහිව මිනිසුන්ට විනාශයන් පමුණුවන රකුසු මිනිසෙක් අතර වන සටන ගැන මූලිකව ගෙන තිබේ. ඒ.ආර්.රහ්මාන් සංගීතයෙන් දායක වී ඇත.

ඉන්දිය රුපියල් කෝටි 543ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය ලොව අධික පිරිවැයකින් බිහිවූ ඉංග්‍රීසි නොවන චිත්‍රපට ලැයිස්තුවේ නවවන ස්ථානය ලබා ඇත. 2018 නොවැම්බර් 29 වනදා මෙහි 2D හා 3D චිත්‍රපටි හින්දි, තෙලිගු යනාදිය සමග භාෂා පහළොවකින් ලොව පුරා තිරගත විය. ප්‍රථම දින තිරගත වීමෙන් ඉන්දිය රුපියල් 117.34ක් හා සතියකින් කෝටි 520 ක ආදායමක් ලබා එම සතියේ ලොව අධිකම ආදායම් වාර්තාව තැබුවේය. චීනයේ 2019 වසරේ මැයි වලදී මෙම චිත්‍රපටය චීන භාෂාවෙන් ශාලා 56,000 ක තිරගත වීමට නියමිත ය.

2.0
ගොනුව:Bvbn.jpg
අධ්‍යක්‍ෂණයඑස්. ශන්කර්
නිශ්පාදනයඒ. සුභාස්කරන්
රංගන ශිල්පීන්රජිනිකාන්ත්

ඒමි ජැක්සන්

අක්ෂේ කුමාර්

සුදාන්ෂු පාන්ඩේ
සිනෙමාරූපණයනිරාව් ෂාහ්
සංස්කරණයඇන්ටනි
සංගීතයඒ.ආර්. රහ්මාන් ක්වටබ් ඊ. ක්‍රිපා
බෙදාහැරීමලයිකා නිෂ්පාදන සමාගම

ධර්මා නිෂ්පාදන සමාගම

ඒ.ඒ.ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
2018 දෙසැම්බර් 29
තිර කාලය
පැය 2ක් හා විනාඩි 27ක්
රටඉන්දියාව
පිරිවැයඉන්දිය රු. කෝටි 543
ආදායමඇස්ත. ඉන්දිය රු.කෝටි 800

චරිත

  • රජිනිකාන්ත් වෛද්‍ය වසීගරන්, චිට්ටි හා කුට්ටි (කුඩා රොබෝවරයා) ලෙස
  • අක්ෂේ කුමාර් වෛද්‍ය රිචඩ් - පසුව පක්ෂි රාජා ලෙස
  • ඒමි ජැක්සන් නිලා (ගැහැනු රොබෝවරිය) ලෙස
  • සුදාන්ෂු පාන්ඩේ බොහ්රා නම් තැනැත්තාගේ පුත්‍රයා ලෙස (දිනා)
  • අදීල් හුසෛන් සන්නිවේදන අමාත්‍ය විජයකුමාර් ලෙස
  • සවිතා රෙඩ්ඩි සනා (ඓශ්වර්යා රායි ගේ දුරකතන ඇමතුම) ලෙස

තිරගත වීමෙන් පසු.....

මෙම චිත්‍රපටය ලොවපුරා සිනමාහල් 2000ක හා ඉන්දියාවේ සිනමාහල් 6900ක තිරගත විය. ප්‍රථම දින තිරගත වීමෙන් ඉන්දියාවේදී සියලුම භාෂාවලින් ඉන්දිය රු.කෝටි 80ක් හා ලොවපුරා තිරගත වීමෙන් ඉන්දිය රු.කෝටි 117.34ක ආදායමක් ලැබුවේය. දෙවන දින තිරගත වීමෙන් ඕස්ට්‍රේලියාවේ චිත්‍රපට ආදායම් වාර්තා බිද හෙලීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත. සිව්වන දින තිරගත වීමෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ චිත්‍රපට ආදායම් වාර්තා බිද හෙලීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත.

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya